පාසලෙහි ආරම්භය හා වර්ධනය
1950 වර්ෂයේ පරකන්දෙණිය වීරසිංහ විදානාරච්චි මහතා විසින් පරිත්‍යාග කරනු ලැබූ අක්කර දෙකක බිමෙහි ගම්වාසීන් විසින් කටුමැටි ගසා පොල්අතු සෙවිලි කර ඉඳිකරනු ලැබූ තාවකාලික ගොඩනැඟිල්ලක පාසල ආරම්භ කරන ලදී. ආරම්භ කල වහාම රජයට පවරා ගත් අතර එතැන් සිට රජයේ පාසලක් බවට පත්විය. ආරම්භයේ විදුහල්පති ඇතුළු ගුරුභවතුන් 02 හා ශිෂ්‍ය සංඛ්‍යාව 20 ක් විය. විටෙක පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 800 ඉක්මවු අතර අ.පො.ස.(උ.පෙළ) පංති පවා පවත්වා තිබේ. විටෙක පාසල දියුණුව කරාද, තවත් විටෙක පිරිහීම කරාද ගමන්කර ඇත. අද වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 240 දක්වා පහත බැස ඇත. ජනාකීර්ණ පෝෂක ප්‍රදේශයක පිහිටි පාසල දියුණුව කරා මෙහෙයවීම කළ හැකි බව පෙනේ. විවිධ මත ගැටුම් හා ප්‍රජාව හා පාසල අතර සම්බන්ධතාවය ගිලිහීමත්, පාසල කෙරෙහි ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කරගැනීමත් අත්‍යවශ්‍ය බව පෙනේ. ඒ සඳහා විශාල කැපකිරීමක් කල යුතු අතර විනිවිදභාවය ඉතා වැදගත් වේ. සුභ පතන්නන් හා පාසලේ දියුණුව පතන විශාල පිරිසක් පෝෂක ප්‍රදේශය තුල වෙසෙන බව පෙනේ. දැනට ආචාර්ය මණ්ඩලය 18කි. මොවුන් මනා කැපවීමකින් කටයුතු කරන දක්ෂ පාසලේ දියුණුව පතන අය වේ. තවද දේශපාලන අධිකාරිය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍යයින්ගේ ක්‍රියාකාරි දායකත්වය මේ වන විට ලැබීම ආරම්භ වීම සතුටට හේතුවකි.





