ජය ජය අප ශ්‍රී විදුහල් මාතා
කිතුරැස් විහිදා වැජඹේවා
සිරි පැරකුම්බා මහ විදුහල් මව
සැමදා සඳ සේ සුදිලේවා ....//
ගුණ මිණි ඔවදන් නිබඳ දෙවා
විදුනැණ පහනින් එළිය දෙවා.....
සිසු කැළ අප වෙත දෙනු මැන දින දින
මවුනි ඔබරැස් කිරණ පබා.....
ඔබගේ සෙවනේ සිසිලෙ වැඩී
සිප් සත ගෙනදී හැදී වැඩී
රට දැය රැකුමට රට දැය වැඩුමට
දෙනු මැන මවුනි දිරිය වැඩී
ශිල්ප කලා විදු නැණ එක්වී
සිසු කැළ වෙත සිප් සතර දිදී ....
වැජඹෙනු මැන මවුනි ඔබ නිබඳව
ගම් පියසට මිණි පහනක් වී
ජය ජය අප ශ්‍රී විදුහල් මාතා....





