පරකන්දෙණිය සිරි පැරකුම්බා මහා විද්‍යාලය

ගම්පහ

පරකන්දෙණිය සිරි පැරකුම්බා මහා විද්‍යාලය

පරිසර නියමු හා පරිසර ළමා සමාජ පදක්කම් පැලැන්දවීමේ උත්සවය

slide1.png
slide1.png

විදුහල්පති - ඩී.ජේ.කොතලාවල මැතිතුමා

බප/ගම්/පරකන්දෙණිය සිරි පැරකුම්බා මහා විද්‍යාලය ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුන්දර භූමි භාගයක පිහිටා ඇති දැකුම්කලු පරිසරයකින් හෙබි පාසලකි.

          ගුණ නුවණින් පිරි අනාගත පරපුරක් ගොඩනැගීම යන උදාර දැක්මක් සහිතව කටයුතු කරන දරුවන් දෙමාපියන් ආදිසිසු සිසුවියන් හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සමඟ කටයුතු කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

          අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශය පහසුකම් සහිතව දරුවන්ට නව ලෝකය ජය ගැනීමට හැකිවන පරිදි ක්‍රියාත්මක කිරීම ප්‍රසංශනීයයි.

          නවීන තාක්ෂණය යොදාගනිමින් ඉදිරි පියවරක්  තබමින් ආරම්භ කරන මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරමි. මෙම වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙල ගැසෙන ලෙස සියලුම පාර්ශ්ව වෙත ගෞරවයෙන් ආරාධනා කරමි.